මාර්ක් සුභාරංචිය

යේසුස් වහන්සේගේ ජීවිතය, මරණය හා නැවත නැඟිටීම පිළිබඳ මුල්ම නිල වාර්තාවලින් එකකි. ඊශ්‍රායෙල්වරුන් බලා සිටි සැබෑ මෙසියස් වහන්සේ, යේසුස් වහන්සේද යන මූලික ප්‍රශ්ණ ගැන, මාර්ක් තුමා කතා කරයි. සහ එසේ නම්, උන්වහන්සේ දුක් විඳ මරණයට වුණා නම්, උන්වහන්සේ කුමන ආකාරයේ මෙසියානු රජ කෙනෙක්ද? #Bible #බයිබලය #මාර්ක්…තවත් කියවන්න

යේසුස් වහන්සේගේ නැවත නැඟිටීම: ලූක් 24

මෙම වීඩියෝව, ලූක් තුමා ලියන්නාවූ නාසරෙත්හි යේසුස් වහන්සේගේ වීරචරිත චිත්‍රය අවසන් කරයි. ගෝලයන් හිස් සොහොන් ගෙය සොයා ගන්නා අතර, අවසානයේදී මරණින් නැවත නැඟිටි යේසුස් වහන්සේ මුණගැසෙන විට, ලෝකය පිළිබඳ ඔවුන්ගේ මුළු දැක්මම උඩු යටිකුරු කරනු ලැබේ. යේසුස් වහන්සේගේ දේව රාජ්‍ය මෙහෙවර එහි උච්චතම අවස්ථාවට පැමිණෙන ආකාරය, ලූක් තුමා පෙන්වා දෙයි. එමෙන්ම, ලූක් තුමාගේ දෙවන ග්‍රන්ථය වන ක්‍රියා පොතෙහි මෙම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාම සඳහා, ඔහු වේදිකාව සකසයි. #Bible #බයිබලය #ලූක්

පාවුල් තුමාගේ මිෂනාරි ගමන්: ක්‍රියා 13-20

නැවත නැඟිටි යේසුස් වහන්සේ ගැන සුභ ආරංචිය නිවේදනය කරමින්, රෝම අධිරාජ්‍යය වටා ගමන් කිරීම ප්‍රේරිත පාවුල්ට කෙබඳු වූයේද? නගරයක් පාසා නගරයක, යේසුස් වහන්සේ වටා කේන්ද්‍ර වූ අලුත් ප්‍රජාවන් රෝපණය කිරීමට, ඔහුව පෙළඹවූයේ කුමක්ද? එමෙන්ම, ඔහුගේ පණිවිඩයට මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ක්‍රියා පොතේ අපගේ තුන්වන වීඩියෝවෙන්, අපි මේ සියල්ල සහ තවත් බොහෝ දේ ගවේෂණය කරන්නෙමු. #Bible #බයිබලය #ක්‍රියා

ප්‍රේරිත පාවුල් තුමා: ක්‍රියා 8-12

ක්‍රියා 8-12 පිළිබඳ අපගේ වීඩියෝව, යේසුස් වහන්සේගේ අනුගාමිකයන්ව, යෙරුසලමේ සිටි මෙසියානු යුදෙව්වන්ගේ කුඩා සාමූහිකයක් සිට, ජාතීන් පුරා ඉක්මනින් ව්‍යාප්ත වූ බහු-වාර්ගික ප්‍රගමණයක් බවට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණෝ විසින් පරිවර්තනය කළ ආකාරය, ගවේෂණය කරයි. #Bible #බයිබලය #ක්‍රියා

පෙන්තකොස්තය: ක්‍රියා 1-7

ආබ්‍රහම්ගෙන් පැවත එන්නාවූ: නාසරෙත්හි යේසුස් වහන්සේ තුළින්, සියලු ජාතීන්ට උන්වහන්සේ ආශීර්වාදය නැවත ලබා දීමට දෙවියන් වහන්සේ තමාගේ ඉපැරණි පොරොන්දු ඉටු කළ ආකාරය, ක්‍රියා පොතෙන් පෙන්වයි. යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ, ඊශ්‍රායෙල් ජනතාව අලුත් කරන්නේ කෙසේද සහ ජාතීන්ට සුභ ආරංචිය නිවේදනය කිරීමට ඔවුන්ව සූදානම් කරන්නේ කෙසේද යන්න, අපි ගවේෂණය කරන්නෙමු. #Bible #බයිබලය #ක්‍රියා

රෝමයට ගිය ගමන: ක්‍රියා 21-28

ක්‍රියා පොත පිළිබඳ අපගේ මාලාවේ අවසාන වීඩියෝවෙහි, අපි පාවුල්ගේ යෙරුසලමට යන අවසන් ගමන, සහ පසුව රෝම සිරගෙදරක් තුළට යෑම, අපි සොයා බලන්නෙමු. නමුත් පරස්පර විරෝධී ලෙස, පාවුල්ගේ දුක්විඳීම, ඔහුව රෝම අධිරාජ්‍යයේ ඇතුළාන්තය තුළට ගෙන යයි. එහිදී, ඔහුට ජාතීන් කෙරෙහි දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිවේදනය කිරීමට ලැබේ. #Bible #බයිබලය #ක්‍රියා

යේසුස් වහන්සේගේ උපත: ලූක් 1-2

ලූක් තුමාගේ ශුභාරංචිය පිළිබඳ කොටස් පහකින් යුත් මාලාවක පළමුවැන්න වේ. අපි යේසුස් වහන්සේගේ උපත හා සම්බන්ධ පුදුමාකාර සිදුවීම් ගවේෂණය කරන්නෙමු. උන්වහන්සේගේ පවුලේ නිහතමානී තත්වයන් හා ඊශ්‍රායෙල් සමාජයේ ඔවුන්ගේ පහත් තරාතිරම, යේසුස් වහන්සේගේ රාජ්‍යයේ උඩු යටිකුරු ස්වභාවයේ පෙරනිමිති වේ. #Bible #බයිබලය #ලූක්

අකීකරු පුත්‍රයා: ලූක් 9-19

තුන්වන කොටස ලූක් තුමාගේ ශුභාරංචියේ කේන්ද්‍රීය කොටස ගවේෂණය කරයි. යෙරුසලම වෙත යන්නාවූ දිගු ගමන අතරතුර, දිළිඳුන් සඳහා සුභ ආරංචිය පිළිබඳ උන්වහන්සේගේ මතභේදාත්මක නිවේදනය, යේසුස් වහන්සේ දිගටම කරගෙන යන සේක. මෙය, ඊශ්‍රායලයේ ආගමික නායකයන් සමඟ ගැටුම් වැඩි කරයි. මෙම ආතතිය, අකීකරු පුත්‍රයා පිළිබඳ ප්‍රසිද්ධ උපමාව සඳහා පසුතලය සපයයි. #Bible #බයිබලය #ලූක්

යේසුස් වහන්සේගේ බව්තීස්මය: ලූක් 3-9

ලූක් තුමාගේ ශුභාරංචිය පිළිබඳ කොටස් පහකින් යුත් මාලාවක දෙවැන්න වේ. යේසුස් වහන්සේ දිළිඳුන් සඳහා තමාගේ සුභ ආරංචියේ සේවය ආරම්භ කිරීමත්, සහ විවිධාකාර පසුබිම්වලින් පැමිණි අයව සමාදානයෙන් එකට ජීවත් වීමට එක් කළ ආකාරයත්, අපි බලා සිටින්නෙමු. #Bible #බයිබලය #ලූක්

යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම: ලූක් 19-23

යේසුස් වහන්සේගේ කාර්යය හා සේවය, පාස්කු මංගල්‍යය සැමරීම දක්වා සතියක මතභේදයකින් අවසන් විය. මෙම වීඩියෝවෙන් අපි ලූක් තුමාගේ ශුභාරංචිය 19-23 ගවේෂණය කරන්නෙමු. සහ, නිර්දෝෂී යේසුස් වහන්සේ රෝමයට එරෙහි විප්ලවවාදී කැරලිකරුවෙකු ලෙස ඝාතනයට ලක් වූයේ කෙසේද යන්න, සොයා බලමු. එමෙන්ම, උන්වහන්සේගේ මරණය ඊශ්‍රායලයට හා මුළු මනුෂ්‍ය වර්ගයාටම නව අනාගතයක් විවර කරන බව උන්වහන්සේ විශ්වාස කළ නිසා, යේසුස් වහන්සේ කිසිසේත් පුදුමයට පත් නොවූයේ කෙසේදැයි අපි දකින්නෙමු. #Bible #බයිබලය #ලූක්